IGC Campus

රැකියාවකට Certificate එකක් පමණක් ප්‍රමාණවත්ද?

රැකියා ලෝකයේ දියුණු වීමට අවශ්‍ය Life Skills කුසලතා, ප්‍රායෝගික පුහුණුවක් සමඟ අදම වැඩිදියුණු කරගන්න.

ජීවිතයට සහ රැකියාවට Life Skills අවශ්‍ය ඇයි?

Life Skills කියන්නේ ඔබේ අධ්‍යාපනික සහ technical දැනුමට අමතරව, රැකියා ලෝකයේ සහ දෛනික ජීවිතයේ සාර්ථකව ඉදිරියට යාමට උපකාරී වන කුසලතා සමූහයයි. සන්නිවේදනය, කණ්ඩායම් වැඩ, කාල කළමනාකරණය, ගැටලු විසඳීම සහ ස්වයං විශ්වාසය වැනි කුසලතා ඔබේ වෘත්තීය ගමන සාර්ථක කරයි.

Life Skills Passport කියන්නේ මොකක්ද?

අධ්‍යාපනික දැනුම සහ තාක්ෂණික කුසලතා ඔබේ වෘත්තීය ජීවිතයට වැදගත්. ඒ සමඟම, හොඳින් සන්නිවේදනය කිරීම, කාලය කළමනාකරණය කිරීම, කණ්ඩායමක් සමඟ වැඩ කිරීම, ඉලක්ක තබාගැනීම සහ තම හැඟීම් කළමනාකරණය කිරීම වැනි ජීවන කුසලතාද ඔබේ සාර්ථකත්වයට වැදගත් වේ.

Life Skills Passport (LSP) යනු රැකියා ලෝකයට පිවිසෙන තරුණයන්ට මෙන්ම දැනට සේවයේ නිරත පුද්ගලයන්ටද තම ජීවන කුසලතා වර්ධනය කරගැනීමට උපකාර වන පුහුණු, coaching සහ assessment වැඩසටහනකි.

මෙම වැඩසටහන මඟින් ඔබට ඔබේ වර්තමාන හැකියාවන් හඳුනාගෙන, ඒවා වැඩිදියුණු කරගෙන, ඔබේ අනාගතයට වඩාත් විශ්වාසයෙන් මුහුණ දීමට අවශ්‍ය මඟපෙන්වීම ලබා දෙයි.

ඔබේ ජීවිතයට වටිනා Skills

ඔබේ අනාගතයට ශක්තිමත් පියවරක්.

Life Skills Passport කා සඳහාද?

  • පාසල් අධ්‍යාපනය අවසන් කළ තරුණයන්
  •  පාසල් අධ්‍යාපනය අතරමග නතර කළ අය
  • දැනට රැකියාවක නිරත අය
  • රැකියා සොයන ඕනෑම අයෙකු

Level One : රැකියා අපේක්ෂකයන් සඳහා ජීවන කුසලතා 10ක් + Assessment + Coaching + Certification​

රැකියා ලෝකයට පිවිසීමට සූදානම් වන ඔබට අවශ්‍ය මූලික ජීවන කුසලතා වර්ධනය කරගැනීමට මෙම වැඩසටහන උපකාරී වේ.
පුහුණුව, coaching සහ assessment හරහා ඔබේ කුසලතා හඳුනාගෙන වැඩිදියුණු කරගැනීමට අවස්ථාව ලැබේ.
ඔබට ලැබෙන දේ
✓  Life Skills Training
✓  Individual Coaching
✓  Skills Assessment
✓  Skills Rating
✓  Certification
✓  රැකියා සම්මුඛ පරීක්ෂණ සඳහා වැඩි සූදානමක්

Level Two : සේවයේ නිරත පුද්ගලයන් සඳහා උසස් ජීවන කුසලතා + Customized Coaching

දැනට සේවයේ නිරත පුද්ගලයන්ගේ වෘත්තීය වර්ධනයට අවශ්‍ය කුසලතා හඳුනාගෙන, ඒ අනුව පුහුණු සහ coaching වැඩසටහන සකස් කරනු ලැබේ.
ආයතනයේ සහ සේවකයන්ගේ අවශ්‍යතා අනුව Life Skill Needs Assessment (LSNA) මත පදනම්ව පුහුණුව අභිරුචිකරණය කළ හැක.
අරමුණ : දැනට පවතින හැකියාවන් තවදුරටත් වැඩිදියුණු කරමින්, වෘත්තීය ජීවිතයේ ඉදිරියට යාමට අවශ්‍ය skills ගොඩනැගීම

.

Level 1 – Skill Set

  1. 🎯 ඉලක්ක තැබීම
  2. 💡 ධනාත්මක චින්තනය
  3. ⏰ කාල කළමනාකරණය
  4. 💬 ස්ථිරසාර සන්නිවේදනය 
  5. ✨ පෞද්ගලික හැඩගැස්ම 
  6. 🤝 කණ්ඩායම් ක්‍රියාකාරිත්වය
  7. 📈 පෞද්ගලික ඵලදායීතාව 
  8. ❤️ චිත්තවේගීය ශක්තිය 
  9. 🛍️ විකුණුම් කුසලතා 
  10. 💰 පෞද්ගලික මූල්‍ය කළමනාකරණය 
 
 
 

ඔබ වැඩිදියුණු කරගන්නා Life Skills 10

පුහුණු වැඩසටහන හරහා, රැකියා ලෝකයට අත්‍යාවශ්‍ය කුසලතා 10ක් ඔබට ප්‍රගුණ කරගත හැක.

ඔබේ Life Skill Journey එක

පියවර 5කින් ඔබේ Life Skill Passport එක ලබාගන්න.

We Award You

Life Skills Card

ඔබගේ ජීවන කුසලතා හා ප්‍රගතිය පෙන්වන ඩිජිටල් හැදුනුම්පත

Life Skill Certificate

ඔබ අවසන් කල පුහුණුව සදහා සහතිකය

Life Skill Web Profile

ඔබගේ කුසලතා සහ ජයග්‍රහණ පෙන්වන වෙබ්පිටුව

Practical Life Skill Training

ජීවන කුසලතා ප්‍රායෝගිකව පුහුණු වීමට අවස්තාව

Life Skill Score Card කියන්නේ මොකක්ද?

ඔබේ ජීවන කුසලතා මට්ටම සහ වැඩසටහන තුළ ලබාගත් දියුණුව පෙන්වන ඇගයීමකි.
🟡 ආරම්භක ඇගයීම – වැඩසටහන ආරම්භයේ ඔබේ කුසලතා මට්ටම
🟢 අවසන් ඇගයීම – පුහුණුවෙන් පසු ඔබේ කුසලතා මට්ටම
Spider Chart එකක් මඟින් කුසලතා 10 තුළ ඔබේ ආරම්භක සහ අවසන් මට්ටම් පහසුවෙන් සංසන්දනය කළ හැක.
ඔබේ දියුණුව එක බැල්මකින් හඳුනාගන්න!
Life Skill Score Card
මෙය ඔබගේ ජීවන කුසලතා 10හි අවසන් ඇගයීම් ප්‍රතිඵල පෙන්වන Score Card එකයි.
ඔබේ සහතිකය සමඟ, IGC Campus විසින් සහතික කරන ලද Life Skill Score Card එකද ඔබට හිමි වේ